පාර්ලිමේන්තු කාරක සභාවලට තරුණයන්ටත් අවස්ථාව

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක් සඳහාම මන්ත්‍රීවරුන්ට අමතරව තරුණයන් පස් දෙනෙකුටද එහි සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට මින් ඉදිරියට අවස්ථාව හිමිවේ.

පාර්ලිමේන්තුවේ ඉදිරියේදී පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා සංඛ්‍යාව 20කි. මේ සඳහා ප්‍රතිපාදන සැලසෙන ස්ථාවර නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (5) සම්මත විය.

තරුණ පිරිසකට ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීමට මෙලෙස අවසර ලබා දෙනුයේ අරගලයේ නිරත පිරිස් විසින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

කාලීන පුවත්