පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පොලිස් බුද්ධි අංශ මෙහෙයුම්

පාසල් දරුවන් අතරේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නවුන් සොයා පාසල් අවට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.පසුගිය දින කිහිපයේ ප‍්‍රදේශ කිහිපයකින් මත් කරල් සහ මත්පෙති හමුවීමේ සිද්ධීන් මුල් කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ද ඔහු කීය. මේ අතර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මත්කරල් බෙදූ උපකාරක පංති ගුරුවරයෙකු කළුතර දකුණ ප‍්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී එහි දී සැකකරු සන්තකයේ තිබී තහනම් උත්තේජක ඖෂධ සහ මත් කරල් 1299ක් සොයා ගෙන තිබේ.

කාලීන පුවත්