පැය 10-12ක විදුලි කප්පාදුවක්?

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟරු සපයා ගැනීමට නොහැකි වුවොත් එය මුලුමනින්ම අක්‍රිය වීම මත ලබන ඔක්තෝබර් අවසන් වෙනවිට පැය 10කට අධික කාලයක් විදුලිය කැපීමට සිදුවන බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති.මේ වනවිට ලංකා අඟුරු සමාගම මූලික සැපයුම්කරු ලෙසින් සිටින අතර එම සැපයුම් ඇනහිවීම මත විකල්ප සැපයුම්කරුවන් සොයා ගැනීම කඩිනම් අවශ්‍යතාවක් ව පවතී.කෙසේ හෝ ඉක්මනින් විකල්ප ගල් අඟුරු සැපයුම්කරුවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් ඔක්තෝබර් අවසානයේ සිට දිනකට පැය 10ක් 12ක් අතර කාලයක් විදුලි කප්පාදුවක් සිදුවීම අනිවාර්යය බව එම හමුවේදී අවධාරණය කර තිබේ.මේ අතර ඊයේ(12) සිට ලබන 16 වනදා දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.ඒ අනුව පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා දිවයිනේ අදාළ කලාපවලට පැයක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදු කරනු ඇත.

කාලීන පුවත්