බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (2026 අප්‍රේල් 17) පස්වරුවේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අපක්ෂපාතීව සහ ස්වාධීනව සිදු කිරීමට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණ බව ප්‍රකාශ වී තිබේ
තමන් අමාත්‍ය තනතුරේ රැඳී සිටීම විමර්ශන කටයුතුවලට බාධාවක් හෝ පක්ෂපාතීත්වයක් ලෙස පෙනී යා හැකි බැවින්, පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.බාල ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ල වූ චෝදනා හමුවේ පසුගිය සතියේ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් වූ අතර, එය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.2009 වසරේ සිට මේ දක්වා සිදු වූ ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (Cඓඪ්) ද පැමිණිල්ලක් කර තිබේ.නමුත් කුමාර ජයකොඩි මහතා තව දුරටත් සිය ධුරයේ රැඳී සිටීම මඟින් ජනතා විමුක්ති පෙරමුණට විශාල දේශපාලන අවාසියක් සිදු වන බවට පසුගිය දින කිහිපය පුරාම පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් ජනාධිපති වරයාට නිරන්තරයෙන් කරුණු ඉදිරිපත්ව තිබූ බව ද වාර්තා වෙයි.