බිස්කට් මිල පහළ බසී

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම පිණිස ඊයේ(22) සිට ක්‍රියාත්මක වන පරිදි බිස්කට් වර්ග වල මිල 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිෂ්පාදන සමාගම් ඒකමතිකව තීරණය කර තිබේ.සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර එම මිල ගණන් පරීක්ෂා කොට ඒ මිල අඩුවීම වටහා ගත හැකි බව බිස්කට් සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.පසුගිය කාලය තුළ බිස්කට් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මත ඒවායේ ඉල්ලුම සැලකිය යුතු ලෙසින් පහත වැටුණු බව වෙළඳ පළ ආරංචි මාර්හ සඳහන් කොට තිබිණ.

කාලීන පුවත්