මත ගැටුම් උග්‍ර වී කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙති

රට තුළ පවත්නා බරපතල අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(03) රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව තම ඉල්ලා අස්වීමේ ලිපි සියළුම ඇමතිවරුන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ රාත්‍රියේම භාර දී ඇති අතර, එය අගමැතිවරයා විසින් ජනාධිපති වරයා වෙත අද (04) පෙරවරුවේ බාර දීමට නියමිතය.නමුදු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තබා නැත මෙහි දී ජනතාව මුහුණ දෙන ගැටළු හමුවේ රජයට විසඳුම් නොමැති වීම,රාජපක්ෂ පවුල් පාලනය ආදී වශයෙන් නැඟෙන ජනතා මැසිවිලි පිළිබඳව කැබිනට් ඇමති වරුන් අගමැති වරයාට කරුණු දක්වා ඇති අතර නාමල් රාජපක්ෂ මහතා පළමුව තම ඇමති ධුරය අතහැරීමට කැමැත්ත පළ කොට තිබේ. මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර එම සාකච්ඡාවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බවද වාර්තා වේ.මේ තත්වය යටතේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ අද(04) දිවුරුම් දෙනු ඇතැයි ආරංචි දේශපාලන මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්