මධ්‍යම කඳුකරයෙන් නාය යාමේ සහ ගිලා බැසීමේ අවදානමක්

නිසි ශක්‍යතා අධ්‍යයනයක් සහ පාරිසරික අගැයිම් වලින් තොරව ඉවක් බවක් නොමැතිව සිදු කෙරෙන අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් මධ්‍යම කඳුකරයේ 50%ක පමණ භූමි ප්‍රමාණයක් නායයාමේ අවදානම් ප්‍රදේශ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.එහි නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ජෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පවසන අන්දමට ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීමේදී මේ පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමුකළ යුතු වුවද මේ දක්වාත් ජනතාව තුළ එවැනි ප්‍රවණතාවක් දක්නට නොමැත.මේ අතර දුම් රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ වන විට උඩරට දුම් රිය මාර්ගයේ වරින් වර සිදුවන පීළි පැනීම් වලට පවා මෙම භූ ව්‍යුහයේ අස්ථාවර බව බලපා තිබේ. එලෙස දුම්රිය මාර්ගයේ ගිලාබැසීම් මුල් කොට මින් පෙර දුම් රිය අනතුරු ගණනාවක් ද සිදු වී ඇත.එබැවින් මේ සියළු ආපදා මඟහරවා ගැනීම පිණිස ඉදිරියේදී සිදු කරන සංවර්ධන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බව විද්වත්හු පෙන්වා දෙති.

කාලීන පුවත්