ශ්රී ලාංකීය සංගීත ක්ෂේත්රය තුළ නොමැකෙන සලකුණක් තැබූ ප්රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සවස 5.00 ට සිදු කිරීමට නියමිත ය.දේහය එදින උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ල බානි රේමන්ඩ් අවමංගල ශාලාවේ තැන්පත් කර තැබීමට කටයුතු යොදා ඇති අතර, එහිදී හිතවතුන්ට සහ රසික ජනතාවට ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව හිමි වේ. කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති අතර, මියයන විට ඇය 68 වන වියෙහි පසු වූවා ය.ඇගේ ඉල්ලීමට අනුව අවසන් කටයුතු පැය 24ක් ඇතුලත සිදු කිරීමට නියමිත බව මුලින් වාර්තා වී තිබුණද ප්රායෝගික කරුණු කිහිපයක් මුල් කරගෙන එම තීරණය වෙනස් කිරීමට සිදු වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.