මල්වතුහිරිපිටිය හිමි නම ඝාතන සැක කරුත් ආයුද පෙන්වීමට යාමේ දී පොලිස් වෙඩි පහරින් මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු ද පසුගිය කාලය පුරා නිරතුරුවම සිදු වූ ලෙසින් සැඟවූ ආයුද පෙන්වීම සඳහා පොලීසිය සමඟ ගොස් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය කියයි. සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති බවත් එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මිය ගිය බවත් පොලීසිය පවසයි.පසුගිය ජනවාරි 23 වනදා එම හිමි නම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැක කෙරෙන මෙම පුද්ගලයා මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඒ සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව ය. 32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාලීන පුවත්