මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල “ඒ” ශ්‍රේණියට

බිබිලේ පිහිටි මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ මූලික රෝහල “ඒ” ශ්‍රේණිය රෝහලක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ.සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මොණරාගල දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරේ මේ බව අනාවරණය විය.මෙහි දී මොණරාගල දිස්ත්‍රික් රෝහලට ගිය අමාත්‍යවරයා රෝහලේ ශල්‍යාගාර නවීකරණය කර නවීන වෛද්‍ය උපකරණ සවිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.1876 වසරේ දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ කළ මොණරාගල දිස්ත්‍රික් රෝහල අද වන විට රෝගීන් 578 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි තත්වයට පත්ව තිබේ.

කාලීන පුවත්