මහින්දානන්දට එරෙහි නඩුවේ තීන්දුව 30 දාට කල් යයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන අතරේ අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ මහතා තීරණය කොට තිබේ.මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ.

කාලීන පුවත්