ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද පෙ.ව. 10.00 සිට රාත්‍රී 07.00 දක්වා පැය 9ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම ඇත හිටුවීමට නියමිතයි.

පනහදූව
කොලඹගේ ආර
97 කණුව ප්‍රදේශය
98 කණුව ප්‍රදේශය

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළකර සිටින අතර කල්තියා රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි පාරිභෝගික ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කාලීන පුවත්