තමාගේම දේශපාලන ඔඩිසියක් ආරම්භ කරමින්, පියාගේ සහෘදයන්ගෙන් පැවත එන නව පරපුරේ තරුණ අනුගාමිකයින් පෙළගස්වමින් ඉදිරි මාවතක් සකස් කිරීමට සූදානම් බව රෝහණ විජේවීරගේ වැඩිමහල් පුත් උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කරයි.
රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම සහ හැකියාව තමා සතු බවත්, ජාතියේ ඉරණම යළි හැඩගැස්වීම සඳහා කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටි අතරම රුසියාවේ ලද අධ්‍යාපනය තුලින් සහ බුදු දහම, තම ළමා කාලය තුලින් ලද අත්දැකීම් මත ඉදිරි මැතිවරණය, ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් වුවත්, තරග කරන බව වැඩිදුර අදහස් දක්වමින් උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කර සිටියි.