යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්

භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව අපට ඉන් හැඟවෙනුයේ ඒ සැමියන් පවසන තම බිරියන් නමින් හැඳින්වෙන යකින්නන් තුළ කුමක් හෝ ප්‍රබල සොඳුරු ආකර්ශනීය බවක් ද ඇති බවකි.

සරදමට, උපහාසයට හෝ ඇතැම් විට නොමනාපයක් වැනි වෙනත් හේතුවක් මත මත තම බිරියන් ‘යකින්නියන්’ සේ හඳුන්වන සැමියෝ අපට හමුවෙති. භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව අපට ඉන් හැඟවෙනුයේ ඒ සැමියන් පවසන තම බිරියන් නමින් හැඳින්වෙන යකින්නන් තුළ කුමක් හෝ ප්‍රබල සොඳුරු ආකර්ශනීය බවක් ද ඇති බවකි.
තත්වය මෙසේ තිබිය දී පුරුෂාධිපත්‍යය මත පදනම් වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ කාන්තා හිංසනය පිළිබඳ පුවත් ද අපට නිතර දෙවේලේ අසන්නට ලැබේ. එම සියලු සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී අපට හැඟී යන ප්‍රධාන කරුණක් තිබේ. එනම් එසේ ගෘහාධිපත්‍යය දරන පිරිමින් බොහොමයක් යක්ෂයන් බඳු බවකි. එමෙන්ම එලෙස පුරුෂාධිපත්‍යය මත පදනම් වූ ගෘහස්ථ ප්‍රචණ්ඩය සහ කාන්තා හිංසනය මත සිදු වන පවුල් බොහොමයක් බිඳ වැටී ඇති බවකි. මින් අපට වටහා ගත හැකි එක් ප්‍රධාන කරුණක් තිබේ. එනම් යකුන් බඳු සැමියන් නිසා පවුල් ජීවිත බිඳ වැටෙන මුත් යකින්නියන් බඳු බිරියන් නිසා එසේ පවුල් ජීවිත බිඳ වැටීමේ පැහැදිලි සම්භාවිතාවක් නොමැති බවකි.

ජන සම්මතය අනුව නිවසක ගෘහ මූලික පදවිය බොහෝ විට හිමි වනුයේ එම පවුලේ සැමියාට ය. එහෙත්, බොහෝ සාර්ථක පවුල් ජීවිත සම්බන්ධයෙන් විමසා බලන විට එම නිවසේ ගෘහ අධිකාරී වරිය ලෙස කටයුතු කරනුයේ බිරිඳ ය. සැමියකු හා පියකු වශයෙන් පිරිමියකු සතු පවුල්මය කාර්ය භාරය ඒක රේඛීය වන අතර බිරිඳක හා මවක ලෙස ගෘහ අධිකාරීත්වය දරන කාන්තාවකගේ පවුල්මය කාර්ය භාරය ඊට වඩා පුළුල් හා විස්කෘත බවක් පළ කරනු බොහෝ විට දැකිය හැක. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් එවන් සුවිශේෂ වගකීම් සම්භාරයක් දරන කාන්තාව බිරිඳක සොඳුරු ආකර්ශනීය යකින්නක ලෙස හැඳින්වීම සම්බන්ධ බොහෝ දෙනකු නොදත් වැදගත් මානව ඉතිහාසගත පසුබිමක් ද තිබේ.එම ඉසව්ව වෙත් පිවිසිය හැකි කදිම මංපෙත”අම්මෝ,මේක අපේ ගෑනි දැන ගත්තොත් නම් මාව මරාගෙන කයි” වැනි සැමියන් ගේ පොදු ප්‍රකාශයි.

වලාහස්ස ජාතක කතාව ඇරඹෙනුයේ ඉන්දියාවේ සිට නැවක නැඟී මෙහි පැමිණෙන පන්සියයක වෙළෙඳ කණ්ඩායමක් මුල්කර ගනිමිනි. එහි නායක වෙළෙන්ඳා ඉන්දියානුවකු වුව ඔහුගේ නම ‘සිංහල’ය එබැවින් එම ජාතක කතාවට අනුව අපට හැඟී යන එක් කරුණක් තිබේ. එනම් මෙම ‘සිංහල’ යන නම පවා අපට ඉන්දියාවෙන් දායාද වූවක් බව ය.ඉන්දියාවෙන් අපට තව බොහෝ දේ ලැබෙන්නට යන පසුබිමක එය හොඳින් සිහි තබා ගැනීම ඉතා වැදගත් ය.

සිංහල නම් නායකයාගේ ප්‍රධානත්වයෙන් යුතු එම වෙළෙඳ කණ්ඩායම එම යකින්නන් අඹුවන් සේ තබාගෙන තම්මැන්නා නුවර ජීවත් වන අතරේ සිංහල නමින් හැඳින්වෙන එම නායක වෙළෙන්දාට ඉතා සියුම් ඉඟියකට අනුව මොවුන් මිනිස් කතුන් නොව යකින්නන් බව වටහා ගත හැකි වෙයි. ඉන්පසුව ඔහු ඒ පුවත සෙසු වෙළෙන්ඳන් හා රහසින් සන්නිවේදනය කළ පසු ඉන් දෙසිය පනස් දෙනකුගේම මතය වනුයේ දිව්‍යාංගනාවන් හා සමාන මෙම ස්ත්‍රීන් අතහැර යා නොහැකි බව ය.

ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ ආශ්‍රිතව දුරාතීතයේ ජීවත් වූ රූමත් කාමුක යකින්නියන්ගේ රාජධානියක් පිළිබඳ තොරතුරු පැරණි සාහිත්‍යමය මූලාශ්‍ර කිහිපයකින්ම සොයා ගත හැක. එම මූලාශ්‍රවල දැක්වෙන අන්දමට එම යකිනියන්”මිනී කන්නියෝ” ය.ඔවුන් ජීවත් වූ තම්බපන්නී නම් දවයිනක ඇති තම්මැන්නා නුවර, නම් වන එම ඉසව්ව වත්මන් ශ්‍රී ලංකාවේ වයඹ පළාතට සහ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් බව මූලිකව අනුමාන කිරීමට පුළුවන. බැලූ බැල්මට අද්භූත කතා ප්‍රවෘත්තියක් සේ හැඟවෙන එම මිනී කන, රූමත් කාමුක යකින්නන් පිළිබඳව තොරතුරු ලබාගත හැකි අපට සමීපතම මූලාශ්‍රය වනුයේ පන්සිය පනස් ජාතක කතා පොතෙහි එන වලාහක හෙවත් වලාහස්ස ජාතකයයි.
එහි දැක්වෙන අන්දමට තාම්‍රපර්ණි (තම්බපන්නි) නම් දිවයිනේ යක්ෂ පුරයක් මවාගෙන ජීවත් වන යකින්නෝ වෙළෙඳාම පිණිස නැව් මඟින් එහි පැමිණෙන වෙළෙඳුන් රවටා ඔවුන් යම් කලක් පවුල් ජීවිත ගතකොට තවත් වෙළෙඳ නැවක් එහි පැමිණි පසු පළමු නැවෙන් පැමිණි වෙළෙන්දන් රහසින් මරාගෙන කති.ඉන් පසු දෙවන නැවෙහි වෙළෙඳුන් සමඟ එලෙස යුග ජීවිත අරඹති. එසේ නැව් පැමිණෙන තුරු ඔවුන් මුහුදු තීරය කෙරෙහි පරීක්ෂාවෙන් පසුවන බව ද එම ජාතක කතාවෙහි දැක්වෙයි.
මෙම වලාහක හෙවත් වලාහස්ස ජාතක කතාව ඇරඹෙනුයේ ඉන්දියාවේ සිට නැවක නැඟී මෙහි පැමිණෙන පන්සියයක වෙළෙඳ කණ්ඩායමක් මුල්කර ගනිමිනි. එහි නායක වෙළෙන්ඳා ඉන්දියානුවකු වුව ඔහුගේ නම ‘සිංහල’ය එබැවින් එම ජාතක කතාවට අනුව අපට හැඟී යන එක් කරුණක් තිබේ. එනම් මෙම ‘සිංහල’ යන නම පවා අපට ඉන්දියාවෙන් දායාද වූවක් බව ය.ඉන්දියාවෙන් අපට තව බොහෝ දේ ලැබෙන්නට යන පසුබිමක එය හොඳින් සිහි තබා ගැනීම ඉතා වැදගත් ය.
ඒ කෙසේ හෝ මෙම තම්මැන්නා නුවර යක්ෂණියන්ගේ පුරය මිනිස් පුරයක් සේ පෙනීම පිණිස ඔවුන් වැපිරීම්, සී සෑම් සහ බල්ලන්, කුකුළන් මවා පාන ලද අතර සිංහල නම් වෙළෙඳ නායකයාගෙන් යුතු එම වෙළෙඳ කණ්ඩායම වෙත පැමිණි යකින්නන් බැගෑපත් වූ අයුරු ද එම ජාතක කතාවේ දැක්වෙයි. ඔවුන් එය කරන්නේ තම සැමියන් මුහුදු මාර්ගය ඔස්සේ වෙළෙඳාමේ ගොස් වසර තුනක් ඉක්ම ගොස් ඇතත් ඔවුන් යළි නොපැමිණි බැවින් තමන් හට සැමියන් වී මෙහි නතර වන ලෙසට කරන ආයාචනයක් වශයෙනි.

මොවුන් යකින්නන් බව වටහා ගත් වෙළෙඳ කණ්ඩායම යාඥා බලයෙන් කැඳවාගත් දිව්‍යමය අශ්වයකුගේ වලිගයේ එල්ලී පලා ගිය පසු එම යකින්නන් ද තම දරුවන් ද වඩාගෙන ඔවුන් පසුපස ඉන්දියාවට ගොස් හඬා වැලපුණු පුවතක් ද හියුංසං හිමියන්ගේ සිංහල දේශය පිළිබඳ පරිච්ඡේදයට ඇතුළත්ව ඇත. එම යකින්නන් එහිදී කෙතරම් ‘මානුෂීය’ ලෙස තම ආයාචනය සිදුකරන ලද්දේ ද කිවහොත් ඇතැම් වෙළෙඳුන් එම යකින්නන්ගේ බසට නතුවී ආපසු හැරී ආ බවද හියුංසං චාරිකා විස්තරයෙහි එන පුරාවෘත්තයේ සඳහන් වේ.

මෙසේ සිංහල නම් නායකයාගේ ප්‍රධානත්වයෙන් යුතු එම වෙළෙඳ කණ්ඩායම එම යකින්නන් අඹුවන් සේ තබාගෙන තම්මැන්නා නුවර ජීවත් වන අතරේ සිංහල නමින් හැඳින්වෙන එම නායක වෙළෙන්දාට ඉතා සියුම් ඉඟියකට අනුව මොවුන් මිනිස් කතුන් නොව යකින්නන් බව වටහා ගත හැකි වෙයි. ඉන්පසුව ඔහු ඒ පුවත සෙසු වෙළෙන්ඳන් හා රහසින් සන්නිවේදනය කළ පසු ඉන් දෙසිය පනස් දෙනකුගේම මතය වනුයේ දිව්‍යාංගනාවන් හා සමාන මෙම ස්ත්‍රීන් අතහැර යා නොහැකි බව ය. කෙසේ හෝ ඒ වන විට ඉන්දියාවේ හිමාල වනයේ මහත් සෘද්ධි බල ඇති අජානීය කුලයට අයත් සෛන්ධවයකු හෙවත් සුදු අශ්වයකුව ඉපදී සිටි බෝසතාණන් වහන්සේ ස්වයංජාත හැල් අනුභව කරනු පිණිස තම්මැන්නා නුවරට පැමිණීමට පුරුදුව සිටියි. එම රූමත් කතුන් යකින්නන් බව පිළිගත් සිංහල නම් වෙළෙන්දා ඇතුළු වෙළෙදුන් දෙසිය පනහ එම බෝසත් අසුගේ වලිගයේ එල්ලී ඉන්දියාවට පැන දිවි බේරා ගනිති. ඒ අනුව එම යකින්නන් දෙවඟනක් සේ සැලකූ ඉතිරි වෙළන්ඳන් දෙසිය පනස් දෙනාගේ ඉරණම සිතා ගැනීමට අසීරු නොවේ.

බැලූ බැල්මට අද්භූත කතා ප්‍රවෘත්තියක් සේ පෙනෙන මෙහි ඓතිහාසික සත්‍යය කෙසේ වුවද ඉතා ප්‍රබල මානව විද්‍යාත්මක පසුබිමක් තිබේ. ඒ අනුව ජාතක කතාවේ එන අතීතයේ මෙහි විසූ එම ස්ත්‍රී වර්ගයා යක්ෂනීන් බවත්, ඔවුන් වැපිරීම්, සීසෑම්, බල්ලන්, කුකුළන් ආදිය මවා පෑ බවත් යන කරුණු වල තාර බර ඉවත් කළ විට ඉන් පෙනී යන්නේ අතීතයේ මෙරට ස්ත්‍රී ආධිපත්‍යයකින් යුතු මාතෘ මූලික කෘෂි ශිෂ්ටාචාරයක් මත පදනම් වූ සමාජ රටාවක් පැවැති බව නොවේද?
වලාහක හෙවත් වලාහස්ස ජාතකයේ එන මෙම යකින්නන්ගේ නගරය පිළිබඳ කතා ප්‍රවෘත්තිය පිළිබඳ යටගියාව තවදුරටත් විමසීමේදී පෙනී යනුයේ හත්වන සියවසේදී ඉන්දියාවට පැමිණි ‘හියුංසං’ චීන තෙරුන්ගේ චාරිකා විස්තරයෙහි එකොළොස් වන පරිච්ඡේදයේ ද යම් යම් වෙනස්කම් සහිතව එය එපරිද්දෙන්ම දක්නට ලැබීමෙනි. එහි දැක්වෙන අන්දමට එම නායක වෙළෙන්දා සිංහල නම් වෙළෙන්ඳකුගේ පුතෙකි. මැණික් සෙවීම පිණිස දේශාටනයේ යෙදෙන නැව සුළං ප්‍රවාහයකට හසුව මෙහි ගොඩ ගැසූ විට මෙහි සිටින යක්ෂනීන් ඔවුන්ට කොඩි මඟින් යහපත් සංඥාවක් දුන් බවක් හියුංසං චාරිකා සටහනෙහි දැක්වෙයි.
පසුව වෙළෙඳුන් ගොඩබිමට පැමිණි එම යකින්නන් සුවඳ මල් (මල් මාලා) තූර්යවාදන සහිත පෙරහරකින් ඒ වෙළඳ කණ්ඩායම තම නගරයට රැගෙන ගිය බවට එහි දැක්වෙන සටහනින් ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් තිබේ.එනම් එම කාන්තාවන් කිසියම් ශිෂ්ටාචාරයකට හිමිකම් කී පිරිසක් මිස ම්ලේච්ඡ වනචාරී කාන්තා පිරිසක් නොවූ බව ය.
ශ්‍රී ලංකාවට නොපැමිණ ඉන්දියාවේ රැඳී සිටිමින් වුවද තම කෘතියෙහි එකොළොස් වන පරිච්ඡේදය ද ‘සිංහල දේශය’ ලෙසින් නම් කිරීමට හියුංසං හිමියන්ට හැකිවූයේ
සමකාලීන ඉන්දියාවේ ද අප රට පිළිබඳ පුරාණෝක්ති රැසක් තිබූ නිසාම විය හැක. එහිදී උන්වහන්සේ සිංහල ජාතියේ ඇරඹුම දැක්වෙන සිංහබාහු පුරාවෘත්තය ද වෙනස් අවසානයකින් යුතුව දක්වා තිබේ.
එම කෘතියේ දැක්වෙන සිංහල වෙළෙන්දාගේ පුරාවෘත්තයට අනුව ඔහු ද සමඟ මෙහි පැමිණෙන වෙළෙඳුන්ට දාව මෙහි ජීවත් වූ යකින්නන්ට දරුවන්ද ලැබී තිබේ. එමෙන්ම මොවුන් යකින්නන් බව වටහා ගත් වෙළෙඳ කණ්ඩායම යාඥා බලයෙන් කැඳවාගත් දිව්‍යමය අශ්වයකුගේ වලිගයේ එල්ලී පලා ගිය පසු එම යකින්නන් ද තම දරුවන් ද වඩාගෙන ඔවුන් පසුපස ඉන්දියාවට ගොස් හඬා වැලපුණු පුවතක් ද හියුංසං හිමියන්ගේ සිංහල දේශය පිළිබඳ පරිච්ඡේදයට ඇතුළත්ව ඇත.
එම යකින්නන් එහිදී කෙතරම් ‘මානුෂීය’ ලෙස තම ආයාචනය සිදුකරන ලද්දේ ද කිවහොත් ඇතැම් වෙළෙඳුන් එම යකින්නන්ගේ බසට නතුවී ආපසු හැරී ආ බවද හියුංසං
චාරිකා විස්තරයෙහි එන පුරාවෘත්තයේ සඳහන් වේ. ඉන්පසුව එම වෘත්තාන්තය තවදුරටත් දිගහැරෙන බැවින් අපි නැවත අතීතයේ මෙහි විසූ බව පැවසෙන මිනී කන රූමත් කාමුක යකින්නන් පිළිබඳ විමසුම වෙත පමණක් යොමු වෙමු . ලක් ඉතිහාසය පිළිබඳ ප්‍රමුඛතම මූලාශ්‍රය සේ සැලකෙන මහා වංශයේ දැක්වෙන අන්දමට විජයාවතරණයට පෙර මෙහි යක්ෂයන් ජීවත් වු දිවයිනකි.

එබැවින් බුදුන් වහන්සේ දුන් උපදෙසකට අනුව ශක්‍ර දේවේන්ද්‍රයාගේ නියමයෙන් පරිබ්‍රාජක වෙසින් මෙහි පැමිණි උපුල්වන් දෙවියන් මෙහි ගොඩබසින ලද විජය කුමරුන් ඇතුළු පිරිසට පිරිත් පැන් ඉස පිරිත් නූල් බඳිනුයේ මෙහි මිනිසුන් නොමැති වුවත් බියවීමට කරුණක් නොමැති බව දන්වමිනි. මහා වංශයේ හත්වන පරිච්ඡේදයේ 09 පාඨයෙන් දැක්වෙන එම විස්තරයෙන් පසු එවක මෙහි සිටි කුවේණි නම් ‘යකින්නක්’ විස්තරයක් දැක්වෙන අතර එහි 10 වන පාඨයෙන් ඇය සුනඛ ධේනුවකගේ රුවක් මවා විජය ඇතුළු පිරිස ඉදිරියට යැවූ බවත්, එහිම 11, 12 පාඨවලින් කුවේණිය කපු කටිනා තවුසියක ලෙස එම පිරිස හමුවේ පෙනී සිටි බවත් දැක්වෙයි. මහා වංශයේ හත්වන පරිච්ඡේදයේ 13, 14 පාඨ මඟින් ද කුවේණියගේ පිරිස මිනී කන යකින්නන් බව හුවා දක්වා ඇති අතර ඊට පසුකාලීන කෘති මඟින් එම සිදුවීම විස්තරාත්මක ලෙස ඉදිරිපත් කොට තිබේ.
මහා වංශය ඇතුලු දේශීය ඓතිහාසික මූලාශ්‍ර රැසකට මුල් වන ‘විජයාවතරණය’හුදෙක් ඓතිහාසික සංසිද්ධියක් ද නැතහොත් බුදුසසුන, රාජ්‍යත්වය යන සාධක දෙක පදනම් කොට ගත් ලක් ඉතිහාසයක් ගොඩනැගීම පිණිස අතීත භික්ෂුන් විසින් පූර්විකාවක් ලෙස සමාජ කරළියට ගෙනෙන ලද පුරාණෝක්තියක් ද යන්න පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතී. ඒ සම්බන්ධයෙන් ලොව පුරා මානව විද්‍යාඥයන් සහ මානව වංශ විද්‍යාඥයන් අතර පවතින පොදු එකඟතාවයක් නම් ඉලියඩ්, ඔඩිසි යන පැරණි ග්‍රීක වීර කාව්‍යයන් සහ රාමායනය මහා භාරතය වැනි ඉන්දීය වීර කාව්‍යය ප්‍රාග් ඉන්දු – යුරෝපීය ජනකතා මුල් කොට ගොඩනැඟී ඇති ඒවා බව ය. ඒ අනුව විජය කුවේණි කතා ප්‍රවෘත්තියද හුදෙක් එවැනි පුරාණොක්තියක් බව සනාථ කෙරෙන සාක්ෂි තිබේ.එබැවින් ඔවුන් හමු වූ ස්ථානයක් සොයා අප වෙනම වෙහෙසිය යුතු නැත.එහෙත්, ‘මිනී කෑම’ පසෙක තිබියදී අතීතයේ ස්ත්‍රී ආධිපත්‍යයක් පැවැති බවට මානව විද්‍යාත්මකව සාක්ෂි සහිත ප්‍රධාන ස්ථාන දෙකක් ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම් දිස්ක්‍රික්කය තුළ පිහිටා තිබේ.

අපට හැඟී යනුයේ කාලි, කුවේණි,අල්ලිරාණි. නොච්චි අම්මා නාමයන්හි ඓතිහාසික බව කෙසේ වෙතත් පූර්ව ඓතිහාසික යුගයක පුත්තලම කේන්ද්‍ර ගත් අප රටේ වයඹ වෙරළ ආශ්‍රිතව මාතෘ මූලික සමාජ ක්‍රමයක් පැවැති බව ය. එමෙන්ම ශරීර වර්ණයෙන් සුදු නොවූ ඔවුන් ඉන්දු යුරෝපීය ආර්ය සංස්කෘතියට අයත් ඉන්දියානුවන් විසින් මිනී කන යකින්නන් ලෙස හඳුන්වන ලද නමුත් ඔවුන්ගේ සීසෑම් වැපිරුම් ගෘහාශ්‍රිත සතුන් ඇති කීරීම්, කපු කැටීම්, කොඩි මඟින් සංඥා ලබාදීම්, මල්දම් පැලඳවීම්, තූර්යවාදන පැවැත්වීම් ආදිය පිළිබඳ ආර්යවාදී පුරාණොක්ති මගින්ම පැවසෙන නිසා ඔවුන්ගේ ‘මීනී කෑම’ හුදෙක් ආර්යවාදීන් විසින් එම මාතෘ මූලික අනාර්ය සමාජ සංස්කෘතික පදනම එල්ල කරන ලද එක්තරා ‘මඩ’ ප්‍රහාරයක් බව පැහැදිලි ය.

කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ පාලවිය හන්දියෙන් වමට හැරෙන කල්පිටිය මාර්ගය ඔස්සේ තවත් කිලෝ මීටර් තිස්හයක් පසු කළ විට පල්ලිවාසතුරෙයි හන්දිය හමු වේ.එතැනින් වමට හැරී යන අතුරුමග ඔස්සේ තවත් කිලෝමීටර් හතරක් පමණ පසු කළ විට හමුවන ගොඩනැගිල්ලක් හැඳින්වෙනුයේ කුවේණිගේ සොයුරියක් බව පැවසෙන ‘අල්ලිරාණි’නම් රැජිනකගේ මාලිගාවක් සමගිනි. ඒ ආසන්න අද්භූත විශ්වාස රැසකට පදනම් වන ජලාශයක් ද ඇති අතර එය හැඳින්වනුයේ ‘ගෙන්ගෙ’ යන අමුතු නමකිනි. තම අනාවරණ ලංකාව (Discovering Ceylon) කෘතිය මඟින් ආර්. එල්. බ්‍රෝභියර් ශූරීන් මෙය හඳුන්වනුයේ ‘නොච්චි අම්මාගේ ජලාශය’ යනුවෙනි.අල්ලිරාණි ඇතුන් හත්දෙනකුගේ බලය සහිත සටන්කාමී රැජිනක් බවට ජනප්‍රවාද තිබේ. කෙසේ හෝ ඇගේ මාලිගය තිබූ බව පැවසෙන ගොඩැල්ල මතුපිට පැරණි ගඩොල් කැබලි ඇතුළු ගොඩනැගිලි අවශේෂ දක්නට ලැබෙන නමුත් එම ස්ථානයේ ද මේ දක්වා පුරාවිද්‍යාත්මක ගවේෂණ හෝ කැණීම් සිදුව නැත.
මේ සියලු කරුණු සංසන්දනය කරන විට අපට හැඟී යනුයේ කාලි, කුවේණි,අල්ලිරාණි. නොච්චි අම්මා නාමයන්හි ඓතිහාසික බව කෙසේ වෙතත් පූර්ව ඓතිහාසික යුගයක පුත්තලම කේන්ද්‍ර ගත් අප රටේ වයඹ වෙරළ ආශ්‍රිතව මාතෘ මූලික සමාජ ක්‍රමයක් පැවැති බව ය. එමෙන්ම ශරීර වර්ණයෙන් සුදු නොවූ ඔවුන් ඉන්දු යුරෝපීය ආර්ය සංස්කෘතියට අයත් ඉන්දියානුවන් විසින් මිනී කන යකින්නන් ලෙස හඳුන්වන ලද නමුත් ඔවුන්ගේ සීසෑම් වැපිරුම් ගෘහාශ්‍රිත සතුන් ඇති කීරීම්, කපු කැටීම්, කොඩි මඟින් සංඥා ලබාදීම්, මල්දම් පැලඳවීම්, තූර්යවාදන පැවැත්වීම් ආදිය පිළිබඳ ආර්යවාදී පුරාණොක්ති මගින්ම පැවසෙන නිසා ඔවුන්ගේ ‘මීනී කෑම’ හුදෙක් ආර්යවාදීන් විසින් එම මාතෘ මූලික අනාර්ය සමාජ සංස්කෘතික පදනම එල්ල කරන ලද එක්තරා ‘මඩ’ ප්‍රහාරයක් බව පැහැදිලි ය.

දුරාතීතයේ සිට සමාජ යහපැවැත්මට මහෝපකාරී වූ එම බලවත් ස්ත්‍රී ප්‍රතිරූප හෙවත් යකින්නියන් ගේ චරිත අදටත් අප සමාජයේ ගෘහ ජීවිත වලට අරක් ගනිමින් ඉදිරි සමාජමය ප්‍රගමනයන් සඳහා සුවිසල් පිටිවහලක් ලබාදෙන බව මගේ වැටහීම ය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරය ආශ්‍රිතව පිහිටි කතෝලික ආගමික ශූද්ධ වරියන් වෙනුවෙන් කැප වූ මඩු සහ තලවිල යන සිද්ධස්ථාන මීගමුව ආශ්‍රිතව පිහිටි හින්දු ආගමේ කාමච්චි අම්මාන් දේවතාවිය උදෙසා කැප වූ කෝවිලක් ආශ්‍රිත භූමි භාගයන් දුරාතීතයේ අප සමාජයේ පැවැති මාතෘ මූලික සමාජයක දැවැන්ත ස්ත්‍රී ප්‍රතිරූප හා සම්බන්ධ විශේෂිත ස්ථාන වශයෙන් පැවැති බවට ඇති මානව විද්‍යාත්මක සාධක ද සුළු කොට තැකිය නොහැක.
මේ සියළු තත්ත්වයන් යටතේ දුරාතීතයේ සිට සමාජ යහපැවැත්මට මහෝපකාරී වූ එම බලවත් ස්ත්‍රී ප්‍රතිරූප හෙවත් යකින්නියන් ගේ චරිත අදටත් අප සමාජයේ ගෘහ ජීවිත වලට අරක් ගනිමින් ඉදිරි සමාජමය ප්‍රගමනයන් සඳහා සුවිසල් පිටිවහලක් ලබාදෙන බව මගේ වැටහීම ය. තම බිරියන් යකින්නියන් ලෙස හඳුන්වන සැමියන් ද එම යකින්නියන් ගෙන් අත් මිදීමට නොහැකි බව ඔවුන් වටහා ගෙන ඇත්තේ එම යථාර්ථය පදනම් කර ගත් සියුම් සංවේදීතාව මනැසට සේම හදවතට දැනෙන නිසා ද විය හැක.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය