රජයෙන් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත්

මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සැලසීමට මෙම පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදා දීම‍ට පියවර ගන්නා බව ත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව ත් ඔහු සඳහන් කළේ ය.

කාලීන පුවත්