රට පුරා ලියාපදිංචි පොසොන් දන්සල් 17180 ක්

අදට( 03)යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රටපුරා ලියාපදිංචි දන්සල් 17180 ක් ක්‍රියාත්මක බව වාර්තාවේ.ගත වූ වසර කිහිපය හා සසැඳීමේදී මෙය විශාල වැඩි අගයකි.මෙලෙස ලියාපදිංචි දන්සල් පූර්ව පරීක්ෂාවකින් පසු මහජනයා සඳහා විවෘත කෙරෙන බැවින් එම දන්සල් පරික්ෂා කිරිමේ කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.පොසොන් සතියේදී සැදැහැවතුන් සඳහා සැපයෙන සියලුම දන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන්දහසක් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙන බව ද සභාපතිවරයා පැවැසීය..දන්සැල් සඳහා ගන්නා සියලුම ආහාර අමු ද්‍රව්‍ය ජලය ඉතාමත් පිරිසිදු ලෙස සපයා ගතයුතු බව දන්සැල් කරුවන්ට දන්වා සිටින බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සැපයීම තේ පැන් අයිස් ක්‍රීම් ඇතුළු දෑ සැපයීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද උපුල් රෝහණ පැවැසීය.

කාලීන පුවත්