රන් තැටි සොරකමට චෝදනා ලැබූ කපුවන් දෙදෙනකු ගේ “වැඩ තහනම්”

රන් තැටි සොරකමට චෝදනා ලැබූ කපුවන් දෙදෙනකු ගේ “වැඩ තහනම්” අංගොඩ ලොක්කා නම් පාතාල නායකයා ගේ බිරිඳ විසින් රුහුණු මහා කතරගම දේවාලයට පූජා කළ බව පැවසෙන පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති රුහුණු මහා කතරගම දේවාලයේ ජ්‍යෙෂ්ටතම කපුවා වන සොමිපාල තිඹලත් රත්නායක සහ ඥාතීත්වයෙන් ඔහු ගේ මුනුපුරකු බව මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ දේවාල රාජකාරී අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගෙන තිබේ. විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම කපුවන්ගේ දේවාල රාජකාරී අත්හිටුවූ බවත් ඒ අනුව ඊයේ සිට එම කපුවන් දෙදෙනාට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

කාලීන පුවත්