රැජිනගේ අවමඟුලට ජනපති එක් වෙයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමඟුල් උත්සවයට මෙරට රාජ නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතය.ජනාධිපති වරයා කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඇති ශෝක ප්‍රකාශ ද සටහන් කරන පොතේ ද ශෝක පණිවිඩයක් සටහන් කර තිබේ.රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය සැප්තැම්බර් 19 සඳුදා පෙරවරු 11 ට වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු කෙරෙන බව බකිංහැම් මාලිගය නිවේදනය කර ඇති අතර,19 සඳුදා රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ශෝක දිනයක් ද වේ.

කාලීන පුවත්