ලිට්‍රෝ ගෑස් මිල අද සිට පහළට

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,365ක් වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 20කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 815කි.ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාත සම්බන්ධ අභියෝගකාරී තත්ත්වයක් පැවතිය ද, සැප්තැම්බර් මාසය සඳහා ගෘහස්ථ පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදු කළ බවයි. මීට පෙර ජූලි මාසයේදී ද ලිට්‍රෝ ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබූ අතර, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර රුපියල් 4,465ක් දක්වා පහත දමා තිබිණි. අගෝස්තු මාසයේදී එම මිල ගණන් වෙනසකින් තොරව පවත්වාගෙන ගොස් තිබුණි.

කාලීන පුවත්