ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටුණත් ජූලියේ සිට බස් ගාස්තු ඉහළට

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද, එළඹෙන ජූලි මස 03 වන දින සිට බස් ගාස්තු සියයට 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.සෑම වසරකම ජූලි 01 වන දින ක්‍රියාත්මක වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙවරද එලෙසම ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව ජූලි 03 වන දින සිට නව ගාස්තු අය කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි. පසුගිය කාලයේ රට තුළ ඇති වූ අර්බුදකාරී තත්වයන් හමුවේ වුවද බස් ගාස්තු ඉහළ නොදැමීම නිසා බස් හිමියන් දැඩි පාඩු ලබමින් කර්මාන්තය පවත්වාගෙන ගිය බව ද විජේරත්න මහතා අනාවරණය කරයි.. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ කෙටිදුර ධාවනය කරන බස් රථ හිමියන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම බස් ගාස්තුව රු. 10 සිට රු. 15 දක්වා ඉහළ දැමීමට පෞද්ගලික බස් සංගම් මීට පෙර ද රජයට යෝජනා කර තිබේ.

කාලීන පුවත්