වැඩිකළ රජයේ සේවක වැටුප අප්‍රේල් 10 වනදාට පෙර

වැඩිකළ රජයේ සේවක වැටුප ලබන අප්‍රේල් 10 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සමඟම විශ්‍රාමිකයන් සඳහා වැඩි කළ රුපියල් 2,500ක දීමනාව ද ලබන මාසයේ ලබා දෙන අතර අඩු ආදායම් ලාභී පවුල් විසි අට ලක්ෂයකට සහල් කිලෝග්‍රෑම් 20ක් වාර දෙකකදී ලබා දීමට සැලසුම් කර ඇති බවකි.ඒ අනුව අප්‍රේල් මාසයේ සහල් කිලෝග්‍රෑම් 10ක් සහ මැයි මාසයේ දී සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් ලබා දීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා කීය.

කාලීන පුවත්