වැඩි මිලට සහල් විකුණන හා සඟවන වෙළඳුන් සොයා වැටලීම්

රජයේ මිල නියාමනයන්ට පටහැනිව වැඩි මිලට සහල් අලෙවි කරන සහ සහල් සඟවන ව්‍යාපාරිකයින් සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි. අද(13) දිනයේ සිදුකළ වැටලීම් මගින් සහල් තොග සැගවු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.එවැනි ව්‍යාපාරිකයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට අදාල වු ගැසට් පත්‍ර දෙකක් මේ වන විට නිකුත් කර තිබෙන බවද අසේල බණ්ඩාර මහතා කියයි.

කාලීන පුවත්