වැල්ඩින් වෙද මහත්තුරු සහ උපන් ගෙයි ගොන්කම් කරන සිරි ලාංකික “බුජ්ජිමත්තු” – විකලාංග ශල්‍ය වෛද්‍ය චතුරංග විදාන ගමගේ

vinivida
අවුරුදු දෙකක් පුරාවට වැල්ඩින් වෙද මහත්තයෙකුගේ විස්මිත ඇට ඇලවීමේ තාක්ෂණයේ ප්‍රතිඵල මා නෙත නොගැටුණේ යට ගිය දෑ අවුරුද්දම එවන් විස්මිත වැඩ සිදුවෙන දීපයෙන් පිටව මහාද්වීපික රටක ජීවත් වූ නිසාවෙනි.
අවුරුදු දහයකට එහා ගිය මගේ විකලාංග වෛද්‍ය ජීවිතයේ දුටුවන් ඇස් මවිත කරවන මේ විස්කම් නැවත දැක බලා ගැනීමේ අ”භාග්‍යය” කෑගල්ලේ පැමිණි වහාම මට ලැබී ඇත.
වැල්ඩින් වැඩ වලට උගත් නූගත් සිරි ලාංකිකයෝ බොහොමයක් බොක්කෙන්ම ඇලුම් කරති. මක්‌ නිසාද යත් කෙටි ක්‍රම වලින් පෝසත් වීම, ඔනෙ ශොට් බෙහෙත් වලින් සුව වීම මෙන්ම වැල්ඩින් කර දවසෙන් ඇවිද්දවීම මේ හැමෝගේම ජීවිත වල ආතල් එකක් නිසාවෙන්ය.
කරුමය නම් වැල්ඩින් කරන උන් අග මුලක් නොදැන පෑස්සවීම ය. උන් කරනා ඇතැම් වැඩ ඔලුව පක්ෂා භාගයට පෑස්සවීම, අතට කකුලක් පෑස්සවීම යන ආදියට සමානය.
මේ සතියේ දවස් තුනට ඉක්මනට පාස්සන්නට ගොස් විකල අංග ලෙස දණහිස පාස්සා ගත් අවුරුදු විස්සක තරුණයෙකු සහ වළලු කර ගන්නට දෙයක් නැති ලෙස ඇදට පාස්සා ගත් තරුණ අම්මෙක්ද හමු විය.
ඒ පෑස්සී්ම් දැක ඇසට එන්නේ කඳුළුය….. තමන්ගේ අතක් කකුලක් කිසිදු සුදුසුකමක් නැති “විස්මිත” වෙදුන්ට පුදනා මේ මිනිස්සු ගැන ඇති වෙන්නෙ අප්‍රමාණ අනුකම්පාවකි. උන්ගේ අතට කකුලට බෙහෙත් කරන්නට හැකි වුවද උපන් ගෙයි ගොන්කම් වලට බේත් කිරීම අපහසු කාරණාවක් ය.
ඒ ගොන්කම් වලට අතත් කකුලත් පලි නොවෙන නිසා මුල සිට සරලව වැල්ඩින් දිය කර ආයේ කෙලින් කරන කාර්ය භාර ගත්තද ඒ ප්‍රයත්නයේ සංකුලතා එමට ය.
වැල්ඩින් තියන්නට කලින් පැය දෙකකින් කරන්නට හැකි ශල්‍යකර්මය වැල්ඩින් කඩා කරන්නට පැය හතරක් පහක් වත් ගත වේ. ඒ මදිවාට තෙල් පත්තු පිහිටෙන් එන ආසාදන වලට අපි දන්නා ඔක්කොම බෙහෙත් දුන්නත් මදිය. කෙසේ කලත් අවසාන ප්‍රතිපලය සීයට සීයක්‌ නොවන්නේ ය.
බදුල්ලේ සිටින කල වැල්ඩින් වෙදෙක් විසින් මරන ලද අතක් ඇති පොඩි එකෙක් ගැන ලිව්වේ ඇසේ කඳුළු පුරවා ගෙනය. දැන් පවා වැල්ඩින් දිය කර ආයේ හදනකොට ඇඩෙන්නේ තනි ඇහැට ය..
ඔව්වා එක්කලා ගැටෙන්නේ නැතිව අපේ උන්ගේ ගොන්කම් කෙලින් කිරීම ද විකලාංග වෛද්‍ය ජීවිතයේ වෙනමම ආතල් එකකි.
ඒ ආතල් එක අපිට උපරිමයෙන් ගන්න නම් ආතල් දෙන්නට වැල්ඩින් දෙවියන් මෙන්ම උන් ළඟට යොදුන් සීයක්‌ දුර ගෙවන් යන අමන ආතුරයන්ද සිටිය යුතු ය.
කාරණය ආතල් වුවද මා ඇතුළු සීයකට එහා ගිය එකදු ශ්‍රී ලාංකික විකලාංග වෛද්‍යවරයෙක් ඒ ජොලිය පොඩි එකෙක්ගේ අතකින් කකුලකින් ගන්නට අතිශයින්ම නොකමැත්තෝය.
දෙයියන්ගේ නාමෙට අතක් පයක් බිඳුණු හයක් හතරක් නොතේරෙන පොඩි උන්වත් මහ එවුන්ගේ ගොන්කම් වලට ගාව ගන්නට නොසිතෙන්නේ නම් යහපති.

(මීට අමුණා ඇති පින්තූර වැල්ඩින් ගොන්කම් කරගත් ආතුරයන්ගේ කැමැත්තෙන් තවත් සහසක් සිරි ලාංකිකයන් ඒ ගොන්කම් වලින් මුදවා ගන්නා අටියෙන් පළ කරන ලෙස ඉල්ලු හෙයින් මුහුණු පොතට එකතු කරන ලද්දේය)

විකලාංග ශල්‍ය වෛද්‍ය චතුරංග විදාන ගමගේ

කෑගලු මහ රෝහල ( ෆේස් බුක් සටහනකි )

ඉරා අදුරුපට