ඉන්දියාව ලොකු ලූණු අපනයන තහනම දිගු කරයි

ඉන්දියාව පනවා ඇති ලොකු ලූණු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාව ලොකු ලූණු අපනයනය තහනම් කළ අතර එම තහනම මෙම මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.මිල ඉහළ යෑම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූණු තොග පවත්වාගෙන යෑමේ අරමුණින් ඉන්දීය රජය එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ලොව ප්‍රධානතම ලොකු ලූණු අපනයනකරුවකු වනුයේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාවද ප්‍රධාන වශයෙන් ලොකු ලූණු ආනයනය කරන්නේ ඉන්දියාවෙනි.ඉන්දියාව ලොකු ලූණු අපනයනය තහනම් කිරීමත් සමඟ පසුගිය කාලයේ දේශීය වෙළෙඳපොළේ ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 800ක් පමණ මිලකට ඉහළ ගොස් තිබූ අතර ඉන්දීය රජය ලොකු ලූණු අපනයන තහනම දීර්ඝ කිරීම හේතුවෙන් එළඹෙන උත්සව සමයේ නැවත වරක් ලොකු ලූණු හිඟයක් ඇතිවිය හැකි බව වෙළඳ පල ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්