විදුලිය කැපුවොත් පැමිණිලි කරන්න උපයෝගීතා කොමිසම කියයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ, මෙම පැමිණිලි ලිඛිත ව ඉදිරිපත් කරන ලෙසයි .

ඒ අනුව 077 5 687 387 යන අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදු කළ හැකියි.

මීට අමතර ව [email protected] යන විද්‍යුත් තැපැල ඔස්සේ ද පැමිණිලි යොමු කර හැකි බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

කාලීන පුවත්