වී මිලදී ගැනීමෙන් වී අ‍ලෙවි මණ්ඩලය ඉවත් කෙරේ

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම වී අ‍ලෙවි මණ්ඩලයට ලබා නොදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ වෙනුවට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හා සහල් තොග රැස්කරන්නන් මගින් වී මිලදී ගැනීම සිදු ‍කෙරේ.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේ එම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කෙරෙන බවකි.මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නවුන්ට සහනදායී පොලී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.ඒ සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් බිලියන 9 කි.මිලදී ගන්නා වී තොග ඇපයට තබා සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට සහ වී තොග රැස් කරන්නන්ට මේ යටතේ ණය ලබාගත හැක.

කාලීන පුවත්