වෙඩි වැදුණු කෙනර විලාප නඟමින් අවසන් ගමන් යයි

කැකිරාව, වෙරුම්කුලම ප්‍රදේශයේ සැරිසැරූ සැරිසැරූ වන අලියෙකුට (කෙනරකට ) අද (03) අලුයම වෙල් යායකදී කිසියම් අයෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබේ.ගනෙවැල්පොල වනජීවී නිලධාරීන් පවසනුයේ මිය ගිය කෙනර වයස අවුරුදු 10-15 ත් අතර වයසක පසුවන බවකි.වෙඩි වැදුණු මෙම කෙනර වේදනාවෙන් විලාප නඟනු බොහෝ දුරට ඇසුණු බව ප්‍රදේශවාසීහු කියති.මෙම අපරාධයෙන් වෙරුම්කුලම ගම්වාසීන් ද මහත් කම්පාවට පත් ව හිඳින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්තඩංගුවට ගෙන නොමැත.ගනේවැල්පොල වනජීවී කාර්යාලය හා කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කොට තිබේ.

කාලීන පුවත්