වෙනදා නැති කල එළියකින් පොසොන් උදාවෙයි

අදට(03) යෙදී ඇති පොසොන් පුන් පෝ දිනය හා සම්බන්ධ ආගමික වතාවත් ගත වූ වසර කිහිපයට සාපේක්ෂව ප්‍රබෝධමත් ස්වරූපයක් ගෙන ඇතැ‍යි වාර්තා වේ.මෑත කාලයේ දක්නට නොලැබුණු තරම් ජනතාවක් මේ වන විට අනුරාධපුරය වෙත පැමිණෙමින් හිඳින අතර මේ වන විටත් ශ්‍රී මහ බෝධිය සහ රුවන් වැලි සෑය යන පුදබිම් සැදැහැවතුන් ගෙන් පිරී පවතින බව ද සඳහන් වෙයි.මීට අමතරව පොලොන්නරුව,මහනුවර,දඹුල්ල,කැලණිය ආදී ආගමික සිද්ධස්ථාන ද සැදැහැවතින් ගෙන් පිරී පවතින අතර මහජනතාවගේ ආරක්ෂාව සහ මහ ජනතාව වැඩිපුර ගැවසෙන වැව් ආශ්‍රිතව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා තිබේ.එමෙන්ම වන්දනාවේ මුවාවෙන් පූජනීය නගර වෙත මත්පැන් මත් ද්‍රව්‍ය රැගෙන එන්නවුන් අත් අඩංගුවට ගැනීම පිණිස විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැ‍යි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.මීට අමතරව පොසොන් සැමරුමේ ආධ්‍යාත්මික සහ සංස්කෘතික හරයන්ට එරෙහි ආටක නාටක ස්වරූපයේ නිසරු විනෝදාංග සහ මුදල් ඉපැයීම් සම්බන්ධයෙන් ද පොලීසිය නිරතුරු විමසිල්ලෙන් පසුවන බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.මේ අතර අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවා ද වඩාත් සක්‍රිය කොට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්