ශ්‍රීලනිප ඇතුළු පක්ෂ කිහිපයකට ප්‍රධානීන් එජාපය හා එක් වෙනවා

අනාගත ලෝකයට අතිශයින් ගැලපෙන නිවැරදිම ආර්ථික දර්ශනයක සහිත එක්සත් ජාතික පක්ෂය හා එක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක ප්‍රධානීන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඔවුන් කිහිපදෙනකු මැයි පළමු දා එජාප වේදිකාවට ගොඩවීමට නියමිත බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මෙවර එජාපය ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පවත්වන බව ද ඒ මහතා කීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස බවත් හෙතෙම එහි දී අවධාරණය කළේය.

කාලීන පුවත්