ශ්‍රී ලංකා ටෙලිකොම් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් විසින් දින 09 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා පැවසුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළ බවයි.ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිවයි එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරිණ.නමුත් වර්තමානයේ සෙසු දුරකථන ජාලයන් හි සේවා ගාස්තු වලට සාපෙක්ෂව ශ්‍රී ලංකා ටෙලිකොම් රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා ගාස්තු ද ඉහළ මට්ටමක බව පවතින බව පෙන්වා දෙන පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට විදුලි බිල,ජල බිල සේම ශ්‍රී ලංකා ටෙලිකොම් බිල ද දරා ගත නොහැකි අන්දමින් ඉහළ ගොස් ඇති බවකි.

කාලීන පුවත්