ශ්රී ලංකා මහ බැංකුව මුදල් ප්රතිපත්ති ස්ථාවරය 1%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, ඒ අනුව එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා ඉහළ යන බවයි.
මැදපෙරදිග කලාපයේ උද්ගත යුද ගැටුම් හමුවේ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් වෙනස් වන තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුම මෙම තීරණය ගෙන ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.