ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයකට ණය බර දරා ගන්න බෑ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක විදේශ ණය මට්ටම තිරසර නොවන බවත් එම රටවල් වලට ණය බර දරා ගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් තිබෙන නිසා මෙම ගැටලුවට මුහුණදීම සඳහා බලවත් බැංකු පද්ධතියක සහ ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව මතු වී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය.ඒ නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමිනි. ශ්‍රී ලංකාව ඇතුළු දිළිඳු රටවල් වලින් සියයට 60 ක් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව එම සමුළුවේදී පෙන්වා දුන් ජොර්ජීවා මහත්මිය කොවිඩ් වසංගතයෙන් පීඩිත වූ මිනිසුන්ට උද්ධමනයද පහර දෙන බවඅ ප්‍රකාශ කළාය.

කාලීන පුවත්