සත්ව ආහාර ආනයනයට සැලසුම්

සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩ ඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

දැනට පවතින ආර්ථික ගැටළු හමුවේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෝයා හා බඩඉරිඟු ප්‍රමාණවත් පරිදි වෙළෙඳ පොළේ මිල දී ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් පවතින බැවින් මෙම තීරණයට එළැඹි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

සත්ව ආහාර හිඟය නිසා දියරකිරි, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත්ව සිටින බවත් ජනතාවගේ පෝෂ්‍ය තත්ත්වයන් නංවාලීම සඳහා අවශ්‍ය සත්ව නිෂ්පාදන ධාරිතාවයන් ද මේ වනවිට පහළ ගොස් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කාලීන පුවත්