සනත් නිශාන්ත අවමඟුලේ ආහාර පිසුවේ යුද හමුදාවයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමංගල්‍ය උත්සවය පැවති දින කිහිපයේ දී, ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි පිරිස් සඳහා ආහාර පිසීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ.ඒ.එන් රසික කුමාර මහතා පවසා තිබේ.එසේ ආහාර පිසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එකී පවුලේ අය සහ වෙනත් පාර්ශ්ව විසින් සපයා ඇති බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.යුද හමුදාව මෙවැනි කාර්යයන් සදහා මැදිහත් වීම සාමාන්‍ය තත්ත්වයක් දැයි මාධ්‍ය විමසා ඇති අතර, එහිදී හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා ඇත්තේ, එබදු ඉල්ලීම් ඉදිරිපත් වන විට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට හමුදාපතිට බලය ඇති බවයි.ආපදා අවස්ථාවන්වලදී ද ශ්‍රී ලංකා යුද හමුදාව මෙවැනි සේවාවන් සපයන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පවසා තිබේ.

කාලීන පුවත්