සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙයි

ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ කැනඩාවේ, නිව් ෆවුන්ඩ්ලන්ඩ් වෙත එම කොටස් රැගෙනවිත් ඇති බවයි.

සබ්මැරීනයේ සුන්බුන් ආසන්නයේ තිබී මිනිස් ශරීර කොටස් කිහිපයක් සොයාගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් ඒ පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේදී සිදුකරනු ඇති බවයි අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කාලීන පුවත්