සහල් සහ ලූනු බදු අඩු කෙරේ

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ.

ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

කාලීන පුවත්