සියලු විහාරස්ථානවලට පොදු වියදම් කළමනාකරණ සැළැස්මකට යෝජනා

සියලු විහාරස්ථානවලට පොදු වියදම් කළමනාකරණ සැළැස්මක් ශ්‍රී ලංකාවේ විහාරස්ථාන අතර පවතින ආදායම් විෂමතා දුරු කොට සමස්ත ආදායම එක් අරමුදලක් යටතට පත්කර ඉන් සියලු විහාරස්ථානවල වියදම් කළමනාකරණය කළයුතු බවට විවිධ පාර්ශව වලින් යෝජනා අදහස් ලැබෙමින් පවතින බව බුද්ධ ශාසන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.අද වන විට දිවයිනේ බොහෝ විහාරස්ථානවලට හිමි වන විශාල වශයෙන් ආදායම් එම විහාරස්ථානවලට පමණක් වෙන් වු පුද්ගලික දේපළක් බවට පත්ව ඇති අතර ඇතැම් විහාරස්ථාන වල හිමි වරුන්ට දානේ වේල පවා අහිමි ව ඇති තත්වයක් මත මෙම විෂමතා කළමණාකරණය කිරීමට රාජ්‍ය මැදහත් වීමක් අවශ්‍ය බව විවිධ පාර්ශව පෙන්වා දී ඇති මුත් මේ වන විට ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් ගත හැකි පියවරක් තීරණය වී නොමැති බව ද දැනගන්නට ඇත.එමෙන්ම එසේ වැඩිපුර ආදායම් ලබන විහාරස්ථාන වලින් විශේෂ භාරයක් රාජ්‍ය කමිටුවක් හරහා සමතුලනය කිරීමේ හැකියාවක් පවතින බව ද විවිධ පාර්ශව පෙන්වා දී තිබේ.

කාලීන පුවත්