සූදු ක‍්‍රීඩා නියාමන අධිකාරියකට කැබිනට් අනුමැතිය

ඔට්ටු දැමීම් ඇතුළු සූදු ක‍්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.රට පුරා සිදු කෙරෙන සූදු ක‍්‍රීඩා මඟින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම සේම සූදු ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක‍්‍රියාවන් වැළැක්වීම, සූදු ක‍්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප‍්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් මෙමඟින් අපේක්ෂා කෙරේ.එම නියාමන ආයතනය ඇති කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කාලීන පුවත්