අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළට

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.

ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක ( මිලියන 44 ) ආදායමක් ලැබි ඇතැයි පැවසෙයි.

අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ග වල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්