හරවා යැවූ ගුවන් යානා දෙක යළි කටුනායකට

කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ(30) රාත්‍රීයේ ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක් යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසු ඉන්දීය ගුවන් තොටුපොළක් වෙත ගුවන් යානා හරවා යැවූ පළමු අවස්ථාව මෙය බව සැලකේ.මෙලෙස හරවා යැවුණේ ඉන්දුනීසියාවේ හා මාලදිවයිනේ සිට කටුනායකට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානා දෙකකි.

කාලීන පුවත්