හරිනි ඇතුළු ජාජබ පිරිසක් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පසුගිය 04 වනදා කාන්තා හා ළමා අමාත්‍යංශ වැය ශීර්ෂය මගින් ප්‍රතිපාදන කපා හැරීමට විරෝධය පළකරමින් ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල පැවැති උද්ඝෝෂණයට පොලිසිය විසින් බාධා කිරීම නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් අද (15) දින පෙ.ව. 11.30ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.එම පෙත්සම පවරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මූලිකත්වයෙනි.

 

 

 

 

 

කාලීන පුවත්