කුරුණෑගල රාජ සභා මණ්ඩපය කැඩූ, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම්

කුරුණෑගල , බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකුට අද(14) කුරුණෑගල පළාත්බද මහාධිකරණය මඟින් සිර දඬුවම් නියම කෙරිණ. කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර , වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාට මෙසේ සිර දඬුවම් නියම කෙරිණ.මෙම නඩුව ගොනු කර තිබුණේ, පෞරාණික වටිනාකමක් සහිත කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවන බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කළ බවට සැලකෙන රා ජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර කඩා බිද දැමීමට ඉහත සඳහන් පුද්ගලයන් වගකිවයුතු බවට චෝදනා එල්ල කරමිනි.

 

 

 

 

 

කාලීන පුවත්