හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙරට සීනි ඉතිහාසය වෙනස් කරයි

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව මෙරට සීනි ඉතිහාසය වෙනස් කරමින් මෙවර කෙටි ඇඹරුම් වාරයේදී උක් ටොන් 1,11,272 ක් අඹරා තිබේ.හිඟුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක් ගතවී ඇති අතර කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩි ම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙය බව පැවසෙයි. ඒ අතර මෙවර කෙටි ඇඹරුම් වාරයේ දී සිනි මෙට්‍රික් ටොන් 6958 ක් නිෂ්පාදනය කොට ඇති අතර මීට පෙර හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවේ කෙටි ඇඹරුම් වාරයක දී අඹරා ඇත්තේ උක් ටොන් 95,000 ක් පමණි.දැනට ගල්ඔය වැවිලි සමාගම යටතේ උක් ගොවීන් 10,000 ක් පමණ සම්බන්ධ වී ඇති අතර ගොවීන්ට අවශ්‍ය මූලික පහසුකම් ගල්ඔය වැවිලි සමාගමෙන් ලබා දී තිබේ. හිඟුරාන ඉතිහාසයේ පළමු වරට උක් ගොවීන්ට බෝනස් ලබාදීමට කටයුතු කළ බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්