09 වනදා මැර ප්‍රහාරයට අත් අඩංගුවට ගැනීමට පොලීසිය ජොන්ස්ටන් සොයයි

පසුගිය මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලු මුවදොර සාමකාමී අරගල කරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කණ්ඩායම් දෙකක් යොදවා පරික්ෂණ සිදුකරන මුත් ඔහු සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය කියයි.

කාලීන පුවත්