10 වන දායින් පසු වැසි වැඩි වීමක්

ශ්‍රී ලංකාව අශ්‍රි­තව පහළ වායු­ගෝ­ලීය කැල­ඹිලි ස්වභා­ව­යක් වර්ධ­නය වෙමින් පව­තින බැවින් 10 වන දායින් ඇරඹෙන ඉදිරි දින කිහි­ප­ය තුළ දිව­යිනේ වැසි තත්ත්වයේ වැඩි­වී­මක් බලා­පො­රොත්තු වන බව කාර්යයේ නියුතු කාල­ගුණ විද්‍යාඥ කසුන් පැස්කු­වල් මහතා පැව­සීය. මෙම තත්ත්වය හේතු­වෙන් 13 දක්වා පමණ වැසි පව­තිනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.10, 11, 12, 13 දින­වල මෙම වැසි තත්ත්වය මඳක් වැඩි­විය හැකි යයිද පැස්කු­වල් මහතා පැව­සීය. එමෙන්ම මෙම වැසි තත්ත්ව­යට හේතුව කැලඹිලි ස්වභා­වය මිස ඉදිරියේ දී අපේක්ෂා කෙරෙන නිරි­ත­දිග මෝසම් තත්ත්වය නොවන බවත් පැස්කු­වල් මහතා පැව­සීය.

කාලීන පුවත්