ශ්‍රී ලංකාව අශ්‍රිතව පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් 10 වන දායින් ඇරඹෙන ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය. මෙම තත්ත්වය හේතුවෙන් 13 දක්වා පමණ වැසි පවතිනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.10, 11, 12, 13 දිනවල මෙම වැසි තත්ත්වය මඳක් වැඩිවිය හැකි යයිද පැස්කුවල් මහතා පැවසීය. එමෙන්ම මෙම වැසි තත්ත්වයට හේතුව කැලඹිලි ස්වභාවය මිස ඉදිරියේ දී අපේක්ෂා කෙරෙන නිරිතදිග මෝසම් තත්ත්වය නොවන බවත් පැස්කුවල් මහතා පැවසීය.