අද(01) සිට ක්‍රියාතමක වන ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට උය්එි්චච හරහා යොමු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලා සිටියි.බලශක්ති අමාත්‍යංශය විසින් ලබා දෙන නියෝග වලට පිටින් ක්‍රියා කරන පිරවුම්හල් සහ කාර්ය මණ්ඩල, නීති විරෝධී ඉන්ධන එකතු කිරීම්, ව්‍යාජ කිව්.ආර්. කේත සහ වාහන ලියාපදිංචි අංක මුද්‍රණය කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ ඡායාරූප, වීඩියෝ සහ තොරතුරු ලෙස එම දුරකථනයට යොමු කළ හැකි බවත් එම තොරතුරු පරීක්ෂණ සඳහා පොලිසිය වෙත යොමු කෙරෙන බවත් අමාත්‍යවරයා කියයි.