2024 මිරිස් ආනයනයට තිත!

2024 වසර වන විට මෙරටට මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම න්බතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 100ක කාබනික පොහොර සහ නව තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලබන මිරිස් වගාව නිරික්ෂණය කිරිම සදහා අද (11) දින පස්වරුවේ ගලබොඩ වත්තට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි
දැනට මෙරටට අවශ්‍ය මිරිස් සම්පුර්ණයෙන්ම ආනයනය කරන බවත්,මධ්‍යම පලාත තුල මිරිස් වගාවට අවශ්‍ය බිජ නිෂ්පාදනය කරන බවත්, ඉදිරියේදි දිවයිනේ විවිධ ප්‍රදේශවල අක්කර 3000 ක මිරිස් වගාව සාර්ථකව සිදු කිරිමට තම අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

කාලීන පුවත්