මෙහෙම ඇඳිරි නීතියකින් නම් වැඩක් නෑ- PHI සභාපති

දැනට පවත්නා ආකාරයෙන් නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙවන වරටත් අවධාරණය කරයි.ඔහු පසුගිය සතියේ ද මෙම ප්‍රකාශය කොට තිබිණ.මහජනතාව සංචරණ සීමා නීති රෙගුලාසි අවභාවිතා කරමින් අනවශ්‍ය පරිදි විශාල වශයෙන් මාර්ගවල ගමන් කරන බවත් බොහෝ පිරිස් අත්‍යවශ්‍ය සේවා අවභාවිතා කරන තත්වයක් ද පැහැදිලිවම නිරීක්ෂණය වන බව පවසන සභාපති වරයා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් නිසි අවධානයක් යොමු නොකිරීම ද ගැටළු සහගත බව ද කීය.

කාලීන පුවත්