උස්වැටකෙයියාව ප්‍රදේශවාසී ගැමියන් පවසන අන්දමට අතීතයේ මෙම නාඳුනන හේවායා ගේ ස්මාරකය තිබී ඇත්තේ වෙරළ සීමාවේ සිට අඩි තිහ හතළිහක් දුරිනි.එය සැබෑවක් බව මනාව තහවුරු කළ හැක.ඒ මා 1972 වසරේ පන්තිකාමර අධ්‍යාපනයේ වෙනසක් සිදුවිය යුතු බව විශ්වාස කළ හිතුවක්කාර පාසල් සිසුවකු ලෙස පාසලින් කට්ටි පැන මුල් වරට මෙහි යන විට එය වෙරළේ රළ සීමාවෙන් අඩි දහයක් පහළොවක් ඔබ්බෙන් තිබූ බැවිනි. එහෙත්, වරින් වර සිදුවන වෙරළ ඛාදනය නිසා කෙමෙන් මුහුදට සමීප වූ එය 2014 වසරේ මුහුදු රැලි සීමාව දක්වා ම ළංවී මේ වන විට මුළුමනින්ම මුහුදට බිලි වී තිබේ.විශේෂයෙන් 2014 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද පෝට්සිටි හෙවත් වරාය නගරය නිසා මෙම ප්‍රදේශයේ වෙරළ ඛාදනය අතිශය දරුණු තත්වයකට පත්ව ඇති අතර මෙම නාඳුනන හේවායා ගේ සිහිවටනය මෙම අවාසනාවන්ත ඉරණමට නතුව ඇත.ඒ අද එම ප්‍රදේශවාසී සියල්ලන් ද මෙම මුහුදු දියට හසු වී කොටස් වැලි මත සැඟවී ඇති මෙම අගනා සමාරකය තම මතකයෙන් ද සෝදා හැර ඇති බැවිනි.

Uncategorized